ස්පාඤ්ඤයේ අවුරුදු 113ක කාන්තාවක් කොරෝනාවලින් සුවය ලබයි

මැයි 13, 2020

    ස්පාඤ්ඤයේ අවුරුදු 113ක් වයසැති කාන්තාවක් කොරෝනා වෛරසයෙන් සුවය ලබා තිබේ.

    ස්පාඤ්ඤය තුළ දැනට හඳුනාගත් වයස්ගතම කාන්තාව ද මැය වන බව වාර්තා වේ.

    නමින්‌ මාරියා බ්‍රැන්යාස්‌ වන මෙම කාන්තාව කොව්ඩ්‌ 19 රෝගය වැළඳී මාස දෙකකට ආසන්න කාලයක්‌ ප්‍රතිකාර සඳහා යොමු වී තිබේ. ඇයට රෝගය වැළඳී තිබුණේ ස්පාඤ්ඤය තුළ රට වසා දැමීමේ තත්ත්වයක්‌ මාර්තූ මාසය තුළ ප්‍රකාශයට පත්‌ කිරීමෙන්‌ අනතුරුවයි. ප්‍රතිකාර ගන්නා කාලසීමාව තුළදී ඇය සුළු සංකූලතා පමණක්‌ පෙන්නුම්‌ කර ඇති බව රෝහල්‌ බලධාරීන්‌ පවසනවා. මේවන විට ස්පාඤ්ඤයේ කොරෝනා වෛරස්‌ ආසාදිතයන්‌ සංඛ්‍යාව, දෙලක්ෂ හැටනවදහස්‌ පන්සිය විස්සක්‌ වන අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව, නවසියයක්‌.

    Latest News