මැලේරියාවට එරෙහි නව බැක්ටීරිවක් ස්පාඤ්ඤයෙන්

අගෝ 04, 2023

    ස්පාඤ්ඤයේ විද්‍යාඥයින් පිරිසක්, මැලේරියා රෝගය මදුරුවන්ගෙන්, මිනිසුන්ට සම්ප්‍රේෂණය වීම වැළැක්විය හැකි නව ක්‍රමයක් සොයා ගෙන තිබෙනවා.

    මැලේරියා මදුරු පරපෝෂිතයා අඩපන කළ හැකි ස්වභාවිකව වර්ධනය වන බැක්ටීරියාවක් සොයාගත් බවයි එම විද්‍යාඥයින් පවසන්නේ.

    නව බැක්ටීරියාව ප්‍රායෝගිකව පරිසරයට මුදා හැරීම සහ එහි ආරක්ෂිතභාවය තහවුරු කිරීම තවදුරටත් පර්යේෂණ මට්ටමේ පවතිනවා. GSK ඖෂධ නිෂ්පාදන සමාගම මැලේරියා රෝග කාරක මදුරුවන් යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයක් අතරතුර අහම්බෙන් මෙම බැක්ටීරියාව සොයාගත් බවයි එම විද්‍යාඥයින් කියා සිටින්නේ. ස්පාඤ්ඤ විද්‍යාඥයින් පිරිස නව ස්වභාවික බැක්ටීරියා රෝග කාරකයට එරෙහිව ක්‍රියා කළ හැකි නව මෙවලමක් ලෙස යොදා ගත හැකි බව කියා සිටිනවා. TC-1 ලෙස හඳුන්වන පරිසරයේ ස්වභාවිකව පවතින මෙම විශේෂිත බැක්ටීරියාව මගින් මදුරුවන්ගේ බඩවැලේ මැලේරියා පරපෝෂිතයා වර්ධනය වීමේ මුල් අවදිය වළක්වන බව පර්යේෂකයින් පෙන්වා දෙනවා. එමගින් මදුරු පරපෝෂිතයාගේ බර සියයට 33 ක් දක්වා අඩු කළ හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා. ලොව පැරණිතම රෝග කාරකයක් වන මැලේරියා රෝගයෙන් සෑම වසරකම පුද්ගලයින් ලක්ෂ 6 ක් මියයන බව වාර්තා වනවා.

    Latest News