ස්පාඤ්ඤයේ ඉපැරණි ගම්මානයක් අලෙවියට

නොවැ 11, 2022

    ස්පාඤ්ඤයේ ඉපැරණි ගම්මානයක් අලෙවි කිරීමට සූදානම් වීමේ පුවතක් එරට සැමෝරා පළාතෙන් වාර්තා වනවා. එය නිවාස 44 කින් යුත්තයි.



    වයඹදිග ස්පාඤ්ඤයේ මෙය පිහිටා ඇති අතර, ‍එහි හෝටලයක්, දේවස්ථානයක්, පාසලක් ද පැවති බවයි වාර්තා වන්නේ. මෙම ගම්මානයේ කිසිවෙකුත් මේ වන විට වාසය නොකරන අතර, දශක 3 කට අධික කාලයක් එය වසා දමා තිබෙනවා. 1950 දශකයේ විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුතු සඳහා ‍අවශ්‍ය සේවකයින්ගේ නවාතැන් පහසුකම් සඳහා මෙම ගම්මානය ඉදි කර ඇති අතර, බලාගාරයේ ඉදිකිරීම් අවසන් වීමත් සමග ගම්මානය ද අතහැර දැමුණා. අනතුරුව, ව්‍යාපාරිකයෙකු මෙය මිලදී ගෙන ඇත්තේ, සංචාරක පුරවරයක් කිරීමේ අරමුණින්. එහෙත්, එය අපහසු වීම හේතුවෙන් මෙය අලෙවි කරන බවයි ඔහු පවසන්නේ. ගම්මානයේ මිල යුරෝ දෙලක්ෂ 60,000 ක්. එම මුදලට ස්පාඤ්ඤයේ මැඩිරිඩ් හෝ බාසිලෝනා නගරවල සුඛෝපභොගී ප්‍රදේශවල එක් කාමරයක් සහිත කුඩා නිවසක් හෝ මිලදී ගැනීමට නොහැකි බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙය මිලදී ගැනීම සඳහා මේ වන විටත් විවිධ රටවල පුද්ගලයින් 50,000 කට වැඩි පිරිසක් පැමිණ ඇති අතර, 300 දෙනෙකු එය මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා.

    Latest News