ජීවිත 4ක් අහිමි කළ මහල් නිවාස සංකීර්ණයේ ගින්න

පෙබ 23, 2024

    ස්පාඤ්ඤයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

     එරට හදිසි සේවා අංශ පවසන්නේ, තවත් 14 ‍දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

    ගින්න හටගෙන ඇත්තේ, ස්පාඤ්ඤයේ වර්ලැන්සියා නගරයේ මහල් 14 කින් යුත් නිවාස සංකීර්ණයකයි.  ඊට යාබද ගොඩනැගිල්ලකටද ගින්න පැතිර ගොස් ඇති බව එරට ගිනි නිවීමේ අංශ පවසනවා. 

    තුවාල ලැබූවන් අතර, ගිනි නිවීමේ භටයින් 6 දෙනෙකු සහ කුඩා දරුවෙකුද සිටින බවයි වාර්තා වන්නේ.   මෙය පදිංචිකරුවන් 450 දෙනෙකු රැඳී සිටි මහල් නිවාස සංකීර්ණයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 

    ගින්න පැතිරයාම  වැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ අංශ දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.  ඇතැම් නිවැසියන් ගොඩනැගිල්ල තුළ සිරවී සිටිය හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.  

    ගින්න ශීඝ්‍රයෙන් පැතිර යන බැවින් එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස බලධාරීන් ජනතාවට දැනුම්දී  තිබෙනවා.

    Last modified on සිකුරාදා, 23 පෙබරවාරි 2024 22:23

    Latest News