අදියර 5ක් යටතේ බ්‍රිතාන්‍ය විවෘත කිරීමේ සැලසම්

මැයි 11, 2020

    කොන්දේසි සහිත සැලැස්මක්‌ යටතේ අදියර කිහිපයකින්‌ යුතුව බ්‍රිතාන්‍යය යළි විවෘත කිරීමට සුදානම්‌ බව, අගමැති බොරිස්‌ ජොන්සන්‌ ප්‍රකාශ කරයි.

    ඔහු මේ බව කියා සිටියේ, ජාතිය අමතා ඊයේ සිදුකළ විශේෂ ප්‍රකාශයකදීය.

    අදියර 5ක සැලැස්මක්‌ පිළිබඳවට අගමැති බොරිස්‌ ජොන්සන්‌ සිය ප්‍රකාශයේදී කරුණු දැක්වීය. මූලික වශයෙන්‌ ඔහු සඳහන්‌ කළේ, නිවසේ සිටසේවා ඉටු කිරීමට නොහැකි කණ්ඩායම්වලට බදාදා සිට‌ සේවයට වාර්තා කළ හැකි බවයි. සෞඛ්‍ය නීති රීති හා විද්‍යාත්මක තත්වයන්‌ කෙරෙහි පුළුල්‌ අවධානයක්‌ යොමු කරමින්‌ සැලැස්ම ක්‍රියාත්මක වන බව අගමැතිවරයා කියා සිටියා. පාසල්‌ විවෘත කිරීමේ මුලික අදියරේ දී ප්‍රාථමික සිසුන්‌ පමණක්‌ කැඳවීමට සැලසුම් කර තිබේ. කෙසේ වෙතත්‌, එය ක්‍රියාත්මක වන්නේ, ලබන මස පළමුවැනිදා සිටයි. බ්‍රිතාන්‍යයෙන්‌ වාර්තා වන කොවිඩ්‌ 19 රෝගීන්ගේ සංඛ්‍යාව දෙලක්‍ෂ දහනවදහසක්‌. මරණ සංඛ්‍යාව 31,000 ඉක්මවා තිබේ.

    Latest News