ඔස්ට්‍රේලියාවේ කොවිඩ් 19 තහංචි තවදුරටත්‌ ලිහිල්‌ කිරීමට පියවර

මැයි 11, 2020

    කොවිඩි - 19 රෝගය හේතුවෙන්‌ පනවා ඇති තහංචි තවදුරටත්‌ ලිහිල්‌ කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

    මේ‌ අනුව එරට විශාලතම ප්‍රාන්තය වන නිව්සවුත්වේල්ස්හි දැඩි තහනම්‌ නීති ලබන සිකුරාදා සිට වෙත්‌ කිරීමට නියමිතයි.

    ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක්‌ වෙසෙන ප්‍රාන්තය වන්නේද, නිව්සවුත්වේල්ස්‌ ප්‍රදේශයයි. එහි ප්‍රධාන නගරය වන සිඩ්නි ඇතුලු සම්පූර්ණ කලාපයේ ජන ජීවිතය අදියර කිහිපයක්‌ යටතේ යථා තත්වයට පත්‌ කෙරෙනු ඇත. ඒ අනුව, මීට දෙසතියකට පෙර ජනතාවගේ ගමන්‌ බිමන්‌ සඳහා පැවති දැඩි තහනමි නීති ලිහිල්‌ කෙරිණ. ඇතැම් කාර්යාල හා ව්‍යාපාරික ස්ථාන යළි ආරම්භ කිරීමට අවසර ලැබී තිබේ.

    කෙසේවෙතත්‌ අවන්හල්‌, පිහිණුම්‌ තටාක හා ක්‍රීඩාගාර සඳහා තහනම් නියෝග දිගටම ක්‍රියාත්මකයි. එම ස්ථාන සඳහාද තහනම්‌ නියෝග ලබන සිකුරාදා සිට ලිහිල්‌ කෙරෙන බව ප්‍රාන්ත රජය පවසයි

    Latest News