COVID-19 වෛරසය මිනිසා විසින් නිපදවන ලද්දක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

මැයි 01, 2020

    ලොව පැතිරයන කොරෝනා වෛරසය, මිනිසා විසින් නිපදවන ලද වෛරසයක් බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    එහෙත්, අමෙරිකානු බුද්ධි අංශ පවසන්නේ, වෛරසයේ මූලාරම්භය පිළිබඳව තවමත් විමර්ශනය කරමින් සිටින බවයි. චීනයේ රසායනාගාරයකින් මෙය නිපදවා ඇති බවට සාක්‍ෂි ඇතැයි, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටී. නමුත්, මීට පෙර ජාතික බුද්ධි අංශයේ ප්‍රධාන අධ්‍යක්‍ෂ කාර්යාලය කියා සිටියේ වෛරසයේ මූලාරම්භය පිළිබඳව තවමත් විමර්ශනය කරමින් සිටින බවයි. එහෙයින්, නිෂ්චිත නිගමනයකට එළඹීමට නොහැකි බව එම කාර්යාලය සඳහන් කළේය.

    දැනට මෙම වෛරසය මිනිසා විසින් නිපදවූ වෛරසයක් බවට පෙනෙන්නට නොමැති බව, බුද්ධි අංශ ප්‍රකාශ කර ඇත. අමෙරිකාවෙන් දැනට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව, දස ලක්‍ෂ 95,210ක්. සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව, එක් ලක්‍ෂ 55,737ක්.

    Latest News