රුසියානු අගමැතිටත් කොරෝනා

මැයි 01, 2020

    රුසියානු අග්‍රාමාත්‍ය, මිහාඉල් මිෂුස්ටීන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    කොරෝනා වෛරසය පරීක්‍ෂාවකට ලක් කිරීමෙන් පසු රෝගය වැළඳී ඇති බව තහවුරුවීමත් සමඟ ඔහුව රෝහල් ගතකර ඇති බව විදෙස් වාර්තා සඳහන්කරයි.

    පසුගිය ජනවාරි මාසයේ අගමැති ධූරයට පත් වූ මිහාඉල් මිෂුස්ටීන්, රුසියාවෙහි කොරෝනා වෛරසය පාලනය කිරීමට සක්‍රීයව සහය දී තිබේ. ඔහුට රෝගය වැළඳී ඇති බව ඊයේ කළ පරීක්‍ෂණයෙන් තහවුරු කෙරිණ. එදිනම රුසියාව තුළ නව කොරෝනා රෝගීන් හත් දහස් අනූනවයක් වාර්තා වී තිබේ. මේ වනවිට, රුසියාවෙහි කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව, එක් ලක්‍ෂ 6498ක් වේ. මරණ සංඛ්‍යාව 1073ක්.

    Latest News