ඉතාලිය සීමා ලිහිල් කිරීමට තීරණය කරයි

අප්‍රේ 27, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපයේ වැඩිම බලපෑමට ලක්වූ ඉතාලිය, වෛරස් ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ලබන මැයි මස 04වනදා සිට අදාළ සීමා ලිහිල් කරනු ඇතැයි විදෙස් වාර්තාවල සදහන් වේ.

    කොරෝනා වෛරසයෙන් ලොව දෙවනුවට වැඩිම මරණ වාර්තාවන්නේ ඉතාලියෙනි. එම සංඛ්‍යාව 26,600කට අධික වේ. ඉතාලියෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 197,000ඉක්මවනු ලැබේ.

    කෙසේ නමුත් සති 07ක් පමණ කාලයක් රට තුළ පැවැති ලොක්ඩවුන් නීති මෙලෙස ලිහිල් කිරීමට තීරණය කර ඇත්තේ ඉකුත් පැය 24තුළ එරටින් කොරෝනා නව මරණ 260ක් පමණක් වාර්කා වීම හේතුවෙනි.

    මේ අනුව ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ සදහන් කර ඇත්තේ ඉතාලි වැසියන්ට කුඩා කණ්ඩායම් වශයෙන් සිය ඥාතීන්ගේ නිවෙස් වෙත යාමට අවසර හිමිවන බවය.

    Last modified on සදුදා, 27 අප්‍රේල් 2020 11:21

    Latest News