වසංගත පාලනයට ආසියානු රටවල් රැසක් දැඩි කැපවීමක්

අප්‍රේ 26, 2020

    ආසියානු රටවල් රැසක් නව කොරොනා වසංගතයට මුහුණ දීම සඳහා තවදුරටත් විවිධ පියවර හඳුන්වා දෙති.

    ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, නව කොරොනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 24,942ක් දක්වා වැඩිවී තිබේ.

    රට අවහිර කිරීම තවමත් ක්‍රියාත්මක කරන අතර එක්තරා දුරකට එය වසංගතය පැතිරීම මන්දගාමී කර ඇත.

    සිංගප්පූරුවේ තහවුරු වූ නව කොරොනා රෝගීන්ගේ සමස්ත සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇත.

    මාසයක් පමණ තුළ ආර්ථිකය "ක්‍රමයෙන් නැවත" විවෘත කිරීමට සිංගප්පූරුව සැලසුම් කරන බව එරට වෙළඳ හා කර්මාන්ත ඇමති Chan Chun Sing මහතා පසුගිය 24 වැනිදා පැවසීය.

    මෙම අරමුණ සඳහා, රටේ සමස්ත ජනතාව මහා පරිමාණයෙන් නව කොරොනා වෛරස් පරීක්ෂා සිදු කරමින් වඩාත් ආරක්ෂිත හුදෙකලා පියවර ගනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

    දකුණු කොරියානු රජය පසුගිය 24 වැනිදා ජීවිත තර්ජනයක්ව පවතින වසංගත වැළැක්වීම සඳහා වන මාර්ගෝපදේශකයක් ප්‍රකාශයට පත් කළේය.

    වසංගත වැළැක්වීම යටතේ ජීවන තත්වයට වඩා හොඳින් අනුවර්තනය වීමට පුද්ගලයන්ට හා කණ්ඩායම්වලට මඟ පෙන්වීම සඳහා ගමන්කිරීම්, රැකියා‍, ආහාර අනුභව කිරීම සහ සාප්පු සවාරි සම්බන්ධ ප්‍රමිති මාලාවක් එම මාර්ගෝපදේශකයේ ලැයිස්තුගත කර තිබේ.

    Latest News