කොරෝනා වෛරසය තවත් බොහෝ කාලයක් ලෝකයේ රැඳී පවතියි - වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනම්

අප්‍රේ 23, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනම් කියා සිටියේ කොරෝනා වෛරසය තවත් බොහෝ කාලයක් ලෝකයේ රැඳී පවතින බවයි.

    එසේම ඇතැම් රටවල් වෛරසය මර්දනයට පනවා ඇති සීමා ලිහිල් කිරීම එය නැවත ව්‍යාප්ත වීමට බලපානු ඇති බව ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටී.

    කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට අප්‍රිකාව, නැගෙනහිර යුරෝපය, මධ්‍යම අමෙරිකාව සහ දකුණු අමෙරිකාව පත්වනු ඇති බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    ලොවපුරා වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව, විසිහය ලක්‍ෂ 37,000 ඉක්මවා තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව අද වනවිට එක් ලක්‍ෂ 84,000 ඉක්මවා තිබේ. කෙසේ වුවත්, වෛරසයෙන් සුවය ලබා ඇත්තේ, හත් ලක්‍ෂ 17,000කට අධිකපිරිසක් පමණි.

    Latest News