අමෙරිකාවේ කොරෝනා මරණ 25,000ක්

අප්‍රේ 15, 2020

    අමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පිරිස 25,000 ඉක්මවා තිබේ. මේ දක්වා එරට හය ලක්ෂ 13,886 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි, වාර්තා වන්නේ.

    කොරෝනා වෛරසය පැතිර යන රටවල් අතරින් දැඩි අවදානමක සිටින අමෙරිකාවෙන් ලොව වැඩිම කොරෝනා රෝගීන් හා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි. මේ අතර එරට සුවය ලබා සිටින පිරිස 38,820ක්.

    පැය 24 තුළ පමණක් අමෙරිකාවේ කොරෝනා වෛරස මරණ 2,407ක් සිදුව තිබේ. ප්‍රාන්ත අතරින් නිවුයෝක් ප්‍රාන්තය දැඩි තර්ජනයකට ලක්ව ඇති අතර, විදෙස් වාර්තා සඳහන් කරන්නේ, එම ප්‍රාන්තයේ පමණක් මේ වන විට මරණ 10,000කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බවයි.

    Last modified on බදාදා, 15 අප්‍රේල් 2020 09:28

    Latest News