කොරෝනා මරණ 20,000 ඉක්මවන ඉතාලිය

අප්‍රේ 14, 2020

    ලොව පුරා කොරෝනා (COVID - 19) වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,946,884 ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ.

    මරණ සංඛ්‍යාව 121,716. සුව වූ සංඛ්‍යාව 460,152.

    වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 587,815 කි.

    ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 172,541 ක්, ඉතාලියෙන් ආසාදිතයින් 159,516 ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 136,779 ක්, ජර්මනියෙන් ආසාදිතයින් 130,434 ක් සහ බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 93,873 දෙනෙකු වාර්තා වේ.

    වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද අමෙරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 23,654 කි.

    ඉතාලියෙන් මරණ 20,465 ක්, ස්පාඤ්ඤයෙන් මරණ 18,056 ක්, ප්‍රංශයෙන් මරණ 14,967 ක් සහ බ්‍රිතාන්‍යයෙන් මරණ 12,107 ක් වාර්තා වේ.

    Latest News