ජර්මනියේ සතුන්ගේ බඩ පුරවන්න තවත් සතෙක්

අප්‍රේ 15, 2020

    පැතිරයන කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ජර්මනියේ සත්ව උද්‍යාන දැඩි බලපෑමකට ලක්ව තිබේ. සතුන්ට ආහාර සඳහා සත්ව උද්‍යානයේ සතුන්ට ලබා දීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

    සාමාන්‍ය දිනයන්හි ජනාකීර්ණව පවතින සත්ව උද්‍යානය වෛරසය හේතුවෙන් ආර්ථික අපහසුතාවයන්ට ලක්ව තිබේ. මෙම අපහසුතාවයන් මගහැරීම උදෙසා සත්ව උද්‍යාන පාලක කණ්ඩායම් ආධාර ඉල්ලා සිටින අතර, සතුන්ට අවශ්‍ය ආහාර ලබාදීම දැඩි අසීරු කරුණක් ලෙස ඔවුන් පෙන්වා දෙයි.

    ආහාර සඳහා යන වියදම් සපයාගැනීමට නොහැකි වාතාවරණයක කුසගින්නේ සතුන් මිය යෑමට වඩා උද්‍යානයේ සිටින සතුන් ආහාර ලෙස අනෙක් සතුන් සඳහා ලබා දීමට සිදුව ඇති බව බලධාරීන් පවසයි. එය එතරම් ප්‍රියජනක සිදුවීමක් නොවුවද, සතුන් රැකගැනීමට අධික වියදම් දැරීමට සිදුවන සතුන් කුසගිනි විදීමට වඩා තවත් සත්වයෙකුට ආහාරක් වීමට සැලසීම යම් ආකාරයක විසඳුමක් යැයි බලධාරීන් තව දුරටත් පවසයි.

    Last modified on බදාදා, 15 අප්‍රේල් 2020 09:38

    Latest News