නිව්යෝර්ක්‌ ප්‍රාන්තයේ COVID-19 ආසාදිතයිනගේ යම්‌ අඩුවීමක්‌

අප්‍රේ 06, 2020

    කොරෝනා වෛරස්‌ ව්‍යාප්තිය අමෙරිකාවේ නිව්යෝර්ක්‌ ප්‍රාන්තයේ යම්‌ අඩුවීමක්‌ පෙන්නුම්‌ කරන බව ප්‍රාන්ත බලධාරීහි පවසති.

    එමෙන්ම, වෛරස්‌ ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථාන වූ ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ ද ආසාදිතයන්‌ මෙන්ම මරණ සංඛ්‍යාව ද ක්‍රමයෙන්‌ පහළ යමින්‌ පැවතීම විශේෂත්වයකි.

    අමෙරිකාවේ නිව්යෝර්ක්‌ ප්‍රාන්ත ප්‍රධානී, ඇන්ඩෲ කියුමෝ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, වෛරස්‌ ව්‍යාප්තියේ අඩුවීමක්‌ පිළිබඳ පූර්ව නිගමනවලට එළඹීමට මෙතෙක්‌ හැකියාවක්‌ නොමැති බවයි. අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන්‌ ද සඳහන්‌ කර ඇන්තේ, එරට වෛරස්‌ ව්‍යාප්තියේ උච්ඡතම අවස්ථා ඉදිරියේදී ඇති වන බවයි.

    කෙසේවෙතත්‌, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්‌ ට්‍රම්ප්‌ ප්‍රකාශ කර ඇත්තේ, නිව්යෝර්ක්‌ ප්‍රාන්තයේ ආසාදිතයින්‌ සහ මියයන පිරිස ක්‍රමයෙන්‌ අඩුවීම අමෙරිකාව තුළ කොරෝනා වෛරස්‌ ව්‍යාප්තිය පාලනය පිළිබඳ යහපත්‌ සංඥාවක්‌ බවයි.

    ඉකුත්‌ පැය 24 තුළ අමෙරිකාවෙන්‌ නව ආසාදිතයින්‌ 25,000 කට අධික පිරිසක්‌ හඳුනාගෙන ඇති අතර, මරණ 1,165 ක්‌ ලෙසයි වාර්තා වන්නේ. ඒ අනුව, එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව තුන්ලක්ෂ ,තිස්හයදහස ඉක්මවා තිබේ. වාර්තා වූ මරන සංඛ්‍යාව 9616කි.

    මේ අතර කෙරෝනා වෛරසය කොටියෙකුට ආසාදිත වූ පුවතක් අමෙරිකාවෙන් වාර්තාවේ. නිව්යෝර්ක් නගරයේ “බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානයේ වයස අවුරුදු 04ක පමණ කොටි දෙනකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    Latest News