නොවැක්ට සමකළ හැකි කිසිවෙක් ලොව නැත

සැප් 11, 2023
    නිව්යෝර්ක්හි පැවති එක්සත් ජනපද විවෘත අවසන් මහා තරගයේ දී ඩැනියල් මෙද්වදෙව් පරදා ග්රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව දිනා ගැනීමට සර්බියානු ටෙනිස් ක්රීඩක නොවැක් ජොකොවික් සමත් වුණා.

     

    ලොව අංක එකේ ටෙනිස් ක්රීඩකයා බවට යළිත් සනාථ කරමින් නොවැක් ජොකොවික් මෙලෙස ජයග්රහණය කළේ සිය 24 වැනි ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයි.
    ජොකොවික්, පැය එකයි මිනිත්තු 44ක කාලයක් පැවති අවසන් මහා තරගයේ දී ඩැනියෙල් ලකුණු 6-3 7-6 (7-5) 6-3ක් ලෙස පරාජය කරමින්.
    විම්බල්ඩන්, ප්රංශ විවෘත තරගාවලිය, ඇමරිකානු විවෘත තරගාවලිය සහ ඕස්ට්රේලියානු විවෘත තරගාවලිය යනු ටෙනිස් ක්රීඩාවේ ප්රධානම තරගාවලි හතරයි.
    එකම වසරක දී ඒ තරගාවලි හතරම ජයග්රහණය කිරීම ටෙනිස් ක්රීඩකයෙකු විසින් දක්වන සුවිශේෂී දස්කමක් ලෙස සැලකේ. “ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයක්” ලෙස සලකන්නේ එයයි.
    සර්බියානු ජාතික නොවැක් ජොකොවිච් ඒ දස්කම 23 වතාවක් දැක්වූ විශිෂ්ට ක්රීඩකයෙක්.
    ජෝන් මැකින්රෝ, පීට් සම්ප්රාස්, රොජර් ෆෙඩරර්, රෆායෙල් නඩාල් ආදී ඔබට හුරුපුරුදු විශිෂ්ට ටෙනිස් ක්රීඩකයන්ගෙන් කිසිවෙකු ජොකොවිච් තරම් ග්රෑන්ඩ් ස්ලෑම් ජයග්රහණ ලබා නැත.
    ජොකොවිච්, ටෙනිස් ක්රීඩාවට ප්රකට ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය හෝ ප්රංශයෙන් බිහිවූවෙකු නොවේ.
    සර්බියාවේ හැදී වැඩුණු ඔහුට ඉහත කී රටවල්වල දී ක්රීඩකයෙකුට ලැබෙන ආර්ථික, සාමාජීය නිදහස සහ උපදේශකත්වය ලැබුණේ නැත.
    එහෙත් ඒ කිසිදු රටක ක්රීඩකයෙකු ග්රෑන්ඩ් ස්ලෑම් ජයග්රහණවලින් නොවැක් ජොකොවිච් හා සම වුනේ ද නැත.

    Latest News