නිව්යෝර්ක් නුවර වෙඩි තැබීමකින් 20කට තුවාල

අප්‍රේ 13, 2022

    අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙඩි තැබීමකින් 20කට වැඩි පිරිසක් බරපතල තුවාල ලබා තිබේ. වෙඩි තැබීම සිදුව ඇත්තේ බෘක්ලින්හි උමං දුම්රිය මාර්ගයකදී.

    වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා විශේෂ ගෑස් ආවරණයක් පැළඳ දුම්රියපොළ තුල දුම් බෝම්බ 2ක් පුපුරුවාහැර තිබේ. අනතුරුව, ඔහු පුද්ගලයන් දස දෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    තවත් දහතුන් දෙනෙකු රෝහල්ගත කර ඇත්තේ, දුම්රිය ස්ථානයේ පලායාමට තැත්කිරීමේ දී සිදුවු තුවාල හේතුවෙන් සහ දුම ආග්‍රහණය වීමෙන්. වෙඩි වැදුණු පස් දෙනෙකුගේ තත්වය බරපතල නමුත් ජීවිත අවධානමක් නොමැති බවයි නිව්යෝර්ක් නුවර රෝහල් බලධාරීන් පවසන්නේ.

    වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. 

    Last modified on බදාදා, 13 අප්‍රේල් 2022 15:42

    Latest News