ජනපති ලබන 21 වැනිදා ජගත් සමුළුව අමතයි

සැප් 14, 2023
    අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන "මහා මණ්ඩල 78 වැනි සැසි වාරය" ලබන 18 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
    ඊට සහභාගී වන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබන 21 වැනිදා මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවයි, ජනාධිපති මාධ්ය අංශය පවසන්නේ.
    "2023 න්යාය පත්රය වෙනුවෙන් සාමය, සෞභාග්ය, ප්රගතිය සහ තිරසර භාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම" යන තේමාවෙන් මෙවර සමුළුව පැවැත්වෙනවා.
    ඊට සමගාමීව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් කැඳවා ඇති දේශගුණික අභිලාශ පිළිබඳ සමුළුව ද නිව්යෝර්ක් හි දී පැවැත්වීමට නියමිතයි.
    ජනාධිපති මාධ්ය අංශය පවසන්නේ, රනිල් වික්රමසිංහ මහතා විසින් එම සමුළුව ද ඇමතීමට නියමිත බවයි. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා ඇතුළු රාජ්ය නායකයින් සමග ද ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
    මීට අමතරව තවත් විශේෂ අවස්ථා කිහිපයකට ද ජනාධිපතිතුමා එක් වන බව, නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    Latest News