නිව්යෝක් ප්‍රාන්තයේ ගෑස් උදුන්වලට තහනමක්

මැයි 10, 2023

    අමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ නව ගොඩනැගිලිවල ගෑස් උදුන් භාවිතය තහනම් කර තිබෙනවා.

    මෙවැනි නීතියක් අමෙරිකාවේ ප්‍රාන්තයක බලාත්මක කළ පළමු අවස්ථාව මෙයයි.

    2026 වසර වන විට ඉදි ‍කෙරෙන මහල් 7 කින් යුත් ගොඩනැගිලිවලට සහ 2029 වසර වන විට ඉදි කෙරෙන සියලුම විශාල ගොඩනැගිලිවලට මෙම තහනම බලපැවැත්වෙනවා. ගෑස් උදුන්වලට අමතරව, ද්‍රව ලෙස පවතින ප්‍රොපේන් පෙට්‍රෝලියම් ගෑස් භාවිතයද තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ වෙනුවට තාප පොම්ප සහ ප්‍රේරක උදුන් ගණයට අයත් වන තඹ දඟර භාවිතයෙන් තාපය ජනනය කළ හැකි ආදේශක වෙත යොමු වන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා. එහෙත්, රෝහල්, ආපන ශාලා, ගබඩා සහ දැවැන්ත වාණිජ හා කාර්මික ගොඩනැගිලිවලට තවමත් මෙම නීතිය බලාත්මක නොවන බව ‍විදෙස් වාර්තාවල සඳහන්. වායු විමෝචනය අඩු කිරමින් පොසිල ඉන්ධන දහනය අවම කිරීමටත් ඒ ඔස්සේ දේශගුණික විපර්යාසවලට පිළියම් සැපයීමත් මෙහි අරමුණයි.

    Latest News