රුසියාවේ වෙඩි තැබීමකින්‌ 5ක් මරුට

අප්‍රේ 06, 2020

    රුසියාවේ සිදු වූ වෙඩි තැබීමකින්‌ පුද්ගලයින්‌ පස්දෙනෙකු මියගොස්‌ තිබේ.

    රුසියාවේ, යෙලටිමා ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එය එක් පුද්ගලයෙකු විසින් සිදු කර ඇති බව වාර්තාවේ.

    එම තැනැත්තාගේ නිවස ඉපිරිපිට පුද්ගලයින්‌ කිහිපදෙනෙකු ඝෝෂාකාරී අයුරින්‌ හැසිරීම හේතුවෙන්‌ කෝපයට පත්ව වඩි තැබීම සිදු කර ඇති බවයි, වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශය කොරෝනා වෛරසය හේතුවෙන්‌ මුළුමණින්ම වසා දමා තිබේ. වෙඩි තැබීමෙන්‌ එක්‌ කාන්තාවක්‌ සහ පිරිමි පුද්ගලයින්‌ 4ක් මිය ගොස් ඇත. සැකකරු අත්‌අඩංගුවට ගෙන තිබේ.

    Latest News