බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

මාර් 11, 2020

    බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමති නැඩින් ඩොරිස් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මෙම සිදුවීමත් සමග බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 383ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය ගණන 6ක්.

    ඉතාලියේ අද වන විට ආසාදිත රෝගීන් සංඛ්‍යාව 10,149ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 631ක් මේ අතරින් මරණයට පත්ව තිබේ. ඉතාලියෙන් පසු රෝගය පැතිරීමේ තර්ජනය ප්‍රබලව බලපා තිබෙන්නේ ඉරානයටයි. ඉරානයේ මේ වන විට හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 8,042ක් වන අතර 291 දෙනෙකු මියගොස් තිබේ.

    Last modified on බදාදා, 11 මාර්තු 2020 08:11

    Latest News