කොරෝනාවලින් ආරක්ෂාවීමට ඩුබායි ගුවන්තොටුපොළේ විශේෂිත සුහුරු ගේට්ටු අත්හිටුවයි

මාර් 10, 2020

    කොරෝනා වෛරස් තත්වය නිසා ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ඇති විශේෂිත සුහුුරු ගේට්ටු භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබේ.

     එය අල් මැක්ටොම් (Al- Maktoum) අන්තර්ජාතික ගුවන්තොටුපොලේ ද පසුගිය 8වැනිදා සිට ක්‍රියාත්මකයි. කොරොනා වෛරසය වැළඳුනු පුද්ගලයන් පහසුවෙන් ඇතුළු වීම වැළැක්වීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

    ඔවුන් ස්මාට්ගේට් (Smart gate) නමැති ගුවන්තොටුපොළට ප්‍රවේශවන හා පිටත්ව යන ස්ථානවල ගේට්ටු සවිකර තිබේ. සියලු ගුවන් මගීන් ගුවන් යානා වෙත ගොඩවීමට පෙර හා රට ප්‍රවේශවීමට ප්‍රථම එම ගේට්ටු හරහා ගමන් කළ යුතුයි. 

    මේ අතර මහා බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් වෙත අදහස් දක්වමින් වර්ජින් ඇත්ලාන්ටික් ඇන්ඩ් යුරෝස්ටා නම් වූ ලොව දැවැන්තම සංචාරක සමාගමේ අධ්‍යක්ෂ පෝල් චාල්ස් කියා සිටියේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට හා බ්‍රිතාන්‍ය වැසියන් තම නිවාඩුව ගත කිරීමට ගමනාන්තයක් තෝරා ගන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකාව හා කැරබියන් දූපත් තමා අනුමත කරන බවයි. ශ්‍රී ලංකාව කැරබියන් දූපත්වල පවතින උණුසුම් දේශගුණය කොරෝනා වෛරසයෙන් බේරීමට වැඩි අවස්ථාවක් ලබා දෙන බව ඔහුගේ විශ්වාසයයි. ඔහු කියා සිටියේ සංචාරකයින් තද හිරු රැස් සොයා ගමන් කළ යුතු බවයි.

    එමෙන්ම දිසි අවශ්‍යතාවන් හා රැකියා කටයුතු සඳහා පමණක් නිවසින් පිටත්වීමට ඉතාලි වැසියන්ට අවසර දීමට එරට රජය පියවර ගෙන තිබේ. ඒ අනූව, ඔවුන් වෙත රතු කලාපයෙන් බැහැරවීම සඳහා විශේෂ පෝරමයක් පිරවීමට අවශ්‍ය බවයි, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 14:42

    Latest News