'කොවිඩ් 19' හේතුවෙන් ඉරානය හා ඉතාලිය දැඩි ක්‍රියාමාර්ග

මාර් 06, 2020

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පාලනයට ඉරානය හා ඉතාලිය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබේ. පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා ඇති අතර ප්‍රධාන නගර රැසක දැඩි සංචාරක සීමා ක්‍රියාත්මකයි. මුදල් නෝට්ටු පරිහරණය සීමා කරන ලෙස ද ඉරාන බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.

    කොවිඩ් 19 වෛරසය හේතුවෙන් චීනයෙන් පිටත වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ඉරානය, ඉතාලිය හා දකුණු කොරියාවටයි. ඉරානයේ මියගිය සංඛ්‍යාව 107ක්. 3,500කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී තිබේ. වෛරසයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ටෙහෙරාන් අගනුවර හා ගිලාන් ප්‍රාන්තයේ සංඛ්‍යාලේඛන ඇතුළත් නොවීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි, වාර්තා වන්නේ. සියලු පාසල් ලබන අප්‍රේල් මස දක්වා වසා දැමීමට ද ඉරාන බලධාරීන් පියවර ගැනිණ.

    චීනයෙන් පිටත වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඉතාලියේයි. එම සංඛ්‍යාව 148ක්. ආසාදිතයන්ට සාපේක්ෂව වැඩිම මරණ ප්‍රතිශතයක් වාර්තා වන්නේ ඉතාලියෙන්. ද.කොරියාවට ද කොවිඩ් 19 වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන් දහසකට අධිකයි. චීනයෙන් පිටත වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ ද.කොරියාවෙන්. සෙනගාලය,නයිජීරියාව ඇතුලු රටවල් කිහිපයකින් පළමුවරට කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වෙයි.

    Last modified on සිකුරාදා, 06 මාර්තු 2020 10:59

    Latest News