'කොවිඩ් 19' නිසා කැලිෆෝනියාවේ හදිසි තත්වයක් ප්‍රකාශයට

මාර් 06, 2020

    කොවිඩ් 19 වෛරසයෙන් බ්‍රිතාන්‍යයේ සිදුවූ පළමු මරණය ද ඊයේ වාර්තා විය.

    අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශ කෙරුණේ, ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි. අමෙරිකාවෙන් මරණ 11ක් වාර්තා වී තිබේ.

    අමෙරිකාවේ කැලිෆෝනියාවට ඔබ්බෙන් නවතා ඇති මගී නෞකාවක සිටින පිරිසට වෛරසය වැළඳී ඇති ද යන්න පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවයි, වාර්තා වන්නේ. ඒ එම නෞකාවේ ගමන් ගත් 71 හැවිරිදි පුද්ගලයෙකු වෛරසය ආසාදනය වී මිය යාමෙන් අනතුරුවයි. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් තුන්දහසකට අධික පිරිසක් මියගොස් තිබේ. ලොව පුරා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනූ දෙදහසකට අධිකයි.

    Last modified on සිකුරාදා, 06 මාර්තු 2020 10:37

    Latest News