මයිකල් ජනපති සටනින් ඉවතට

මාර් 05, 2020

    2020 අමෙරිකානු ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමට මයිකල් බ්ලූම්බර්ග් තීරණය කර තිබේ.

    ඔහු මැතිවරණ ව්‍යාපාරයන් සඳහා මිලියන ගණනින් වියදම් කළ අපේක්ෂකයෙකු ලෙසයි, වැඩි අවධානයක් දිනාගෙන තිබුණේ. ඉකුත් අඟහරුවාදා පැවති ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා තේරීමේ ඡන්ද විමසීමෙන් වැඩි වාසි අත්කර ගැනීමට හිටපු උප ජනාධිපති ජේ බයිඩ්න් සමත්විය.

    ප්‍රාන්ත 14ක ඡන්ද විමසීම එහිදී පැවැත්වුණු අතර, ඉන් ප්‍රාන්ත 10කම ජය හිමිකර ගැනීමටයි, ඔහු සමත්වුණේ. එම ඡන්ද විමසීම්වල දී මයිකල් බ්ලූම්බර්ග්ට ජය ගැනීමට හැකිවූයේ, සැමෝවා ප්‍රාන්තය පමණයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 මාර්තු 2020 08:57

    Latest News