ඇෆ්ගනිස්ථානය පිළිබඳ ඇමරිකානු ජනාධිපතිවරයා සහ තලේබාන් නායකයා අතර දුරකථන සාකච්ඡාවක්

මාර් 04, 2020

    ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තලේබාන් සංවිධානයේ දේශපාලන නායක Abdullah Ghani Baradar මහතා සමඟ ඇෆ්ගනිස්ථානයේ තත්වය පිළිබඳව ඊයේ (3) දුරකථන සාකච්ඡාවක් පැවැත්වීය.

    ඇෆ්ගනිස්ථානයේ “ප්‍රචණ්ඩත්වය අවම කිරීම” අඛණ්ඩව සිදුවිය යුතු යැයි ට්‍රම්ප් එම සාකච්ඡාවේදී අවධාරණය කළ අතර, ඇෆ්ගනිස්ථාන රජයේ නියෝජිතයන් සමඟ අභ්‍යන්තර සාකච්ඡා සඳහා සහභාගී වන ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටි බව ධවල මන්දිරය ඊයේ (3) නිකුත් කළ ප්‍රකාශයක සඳහන් විය.

    ට්‍රම්ප් හා Baradar මහතා අතර එම සාකච්ඡාව ඇෆ්ගනිස්ථාන යුද්ධය ආරම්භ වීමෙන් පසු, ඇමරිකානු ජනාධිපතිවරයෙකු සහ තලේබාන් නායකයින් අතර පැවති පළමු විවෘත සංවාදයයි. නොබෝ දිනකින් තමා තලේබාන් නායකයින් හමුවනු ඇතැයි ට්‍රම්ප් පවසා තිබෙන බව එම ප්‍රකාශයේ සඳහන් විය.

    ඇමරිකානු රජය සහ ඇෆ්ගනිස්ථාන තලේබාන් සංවිධානය පසුගිය පෙබරවාරි 29 වන දින සාම ගිවිසුමක් අත්සන් කළහ.

    Latest News