එක්සත් ජනපදය කොවිඩ් මරණ 450,000 පසුකරයි

පෙබ 04, 2021

    වසංගතය ආරම්භ වූ දා සිට අමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් අවම වශයෙන් 450,000ක් ඉක්මවා මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනූව අද (04) අලුයම වන විට එරට සමස්ත මරණ සංඛ්‍යාව 450,088ක් ලෙස දැක්වෙයි.

    එසේම එක්සචත් ජනපදයේ අවම වශයෙන් 26,533,999 කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව විශ්ව විද්‍යාල දත්ත පෙන්වා දෙයි.

    ජෝන්ස් හොප්කින්ස් පෙබරවාරි 29 වැනි දින වොෂිංටන් ප්‍රාන්තයේ කොවිඩ්-19 හි පළමු මරණය වාර්තා කළේය.

    මුළු කොවිඩ් 19 මරණ 100,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති තවත් රටවල් 4ක් වෙයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 04 පෙබරවාරි 2021 09:45

    Latest News