අමෙරිකාවේ දෛනික කොවිඩ් මරණ වාර්තාවීම පහළට

මාර් 29, 2021

    සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දොළොස්කෝටි 77 ලක්ෂ 71,000 ඉක්මවා ගොස් තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් ‍ගෝලීය වශයෙන් 27 ලක්ෂ 96,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව,සෞඛ්‍යය අංශ වාර්තා පෙන්වා දෙයි.

    සමස්ත ආසාදිතයින් ‍අතරින් මේ වන විට ‍ගෝලීය වශයෙන් දස කෝටි 29 ලක්ෂ 54,000කට වැඩි පිරිසක් සම්පූර්ණ සුවය ලබා තිබේ. නමුත්, දෙකෝටි 20 ලක්ෂ 20,000කට වැඩි පිරිසක් තවමත් වෛරසය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.

    ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ මේ වන විට තුන්කෝටි නව ලක්ෂ 62,000 ඉක්මවූ ආසාදිතයින් පිරිසක් ‍වාර්තා වී තිබේ.

    සමස්ත මරණ පන් ලක්ෂ 62,000 ඉක්මවා ඇති නමුත්,දෛනික මරණ වාර්තා වී ක්‍රමයෙන් අඩුවී තිබේ. මෙම සතිය තුළ වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව ගතවූ පැය 24 තුළ දී වාර්තා විය.

    එම සංඛ්‍යාව 510 දෙනෙක්. අමෙරිකාව තුළ ද 69 ලක්ෂ 89,000 කට වැඩි ආසාදිතයන් පිරිසක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

    Last modified on සදුදා, 29 මාර්තු 2021 11:08

    Latest News