අමෙරිකානු සම්බාධකවලින් චීන දැවැන්ත සමාගම් රැසකට බලපෑම්

ජූනි 04, 2021

    අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන සමාගම් සඳහා පැනවූ සම්බාධක තවදුරටත් දීර්ඝ කිරීමට නව ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ.

    ඊට අදාළ චීන සමාගම් සංඛ්‍යාව 59ක්. අමෙරිකාව 2019 වසරේ දී චීන තාක්ෂණික ආයතන රැසකට සම්බාධක පැනවූ අතර අමෙරිකානු අයෝජකයින්ට චීන සමාගම් සම්බන්ධව ආයෝජනය එහිදී ප්‍රධාන වශයෙන් වළක්වනු ලැබීය. එමගින් චීන ජංගම දුරකථන නිෂ්පාදකයින්ට දැවැන්ත පහරක් එල්ල වී තිබිණ.

    චීනයට එරෙහි අමෙරිකාවේ නව සම්බාධක ලබන අගෝස්තු 02වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    චීන ජංගම දුරකථන දැවැන්තයෙකු වන හුවාවී ඇතුළු එරට තාක්ෂණික සමාගම් කිහිපයකටම නව සම්බාධක මගින් අමෙරිකානු ආයෝජනයන් අහිමිවෙයි.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, නව සම්බාධක සම්බන්ධයෙන් අමෙරිකාවට නිසි ප්‍රතිචාර දක්වන බවට චීනය ප්‍රකාශ කර ඇති බවයි.

    Last modified on සිකුරාදා, 04 ජූනි 2021 11:20

    Latest News