කොරෝනා නිසා වැනිසියේ සුප්‍රකට සැණකෙළිය නවතී...ආසාදිතයින් 157ක්

පෙබ 24, 2020

    කොරෝනා වෛරස් හෙවත් කොවිඩ් 19 වංසගත ව්‍යාප්තියත් සමග වැනිසීයේ සුප්‍රකට සැණකෙළිය නවතා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

    ඉතාලිය තුළ වෛරසය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇත. ආසාදිත පිරිස 157ක් ලෙස වාර්තා වෙයි.යුරෝපයේ කොවිඩ් 19 වෛරස් ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වන ඉතාලියේ වැනිස් සැණකෙළිය සැලසුමර කර තිබූ දිනට දින දෙකකට පෙර නවතා දැමීමට බලධාරීන් කටයුතු කළේ සීඝ්‍ර වෛරස් ව්‍යාප්තිය සලකා බලමින්. එසේම ඉතාලියේ ප්‍රදේශ කිහිපයක් වසා දැමීමට ද එරට බලධාරීන් කටයුතු කළේය.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 09:06

    Latest News