ට්‍රම්ප් හෙට ඉන්දියාවේ නිල සංචාරයක

පෙබ 23, 2020

    අමෙරිකානු ජනාධිපතිවරයාට සුබපැතීම සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ උපන්ගම වන අහමදාබාද්හි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වීථිවලට රැස්වීමට සූදානමින් පසුවෙයි.

    ඉකුත් වසරේ අමෙරිකානු හා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් අමෙරිකාවේ දී පැවැත්වෙයි. එහිදී දෙරටේ නායකයන්ට සුබපැතීම හූස්ටන් නගරයට රැස්වුණ අමෙරිකාවේ ඉන්දියානුවන් පිරිස 50,000කට අධිකයි. කෙසේ වෙතත් හෙටින් ඇරඹෙන ට්‍රම්ප් සංචාරය හේතුවෙන් මහාමාර්ග හා නගර පිළිසකර කරමින් මෙන්ම විවිධ ප්‍රදේශවල විවිධ ප්‍රසංග සංවිධාන කරමින් ඉන්දියානුවන් දැඩි උනන්දුවකින් පසුවන බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    විශේෂයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ගුවන් තොටුපළේ සිට නගරයට යන අතරතුර ඔහුට සුබපැතීමට ලියාපදිංචි වී සිටින පිරිස ලක්ෂයකට අධිකයි.

    Last modified on ඉරිදා, 23 පෙබරවාරි 2020 12:59

    Latest News