කොරෝනා මරණ 2,462ක්..කොරියාවේ ශ්‍රී ලාංකිකයන් ගැන විමසිල්ලෙන්

පෙබ 23, 2020

    දකුණු කොරියාවේ වෙසෙන විසි දහසකට අධික ශ්‍රී ලාංකිකයන්ගේ තත්වය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන බවයි, විදෙස් සබඳතා අමාත්‍යාංශය පවසන්නේ.

    තවද, ඉතාලියෙන් ද තවත් කොරෝනා රෝගියෙකුගේ මරණයක් වාර්තා වී තිබේ.

    ඒ අනූව ඉතාලියේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 79ක් ලෙස වාර්තා වෙයි. මේ වන විට ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 78,773ක්. 2,462ක් මියගොස් තිබේ. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 23,556ක්. මියගිය අය අතරින් 2,400 දෙනෙකුම චීනයේ මියගිය පුද්ගලයින් ලෙස සැලකෙයි. ඉකුත් පැය 24 තුළ චීනයේ හුබෙයි පළාතෙන් පමණක් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 96ක්. දකුණු කොරියාවේ සිට පැමිණි මගී ගුවන් යානයක සිට තම පුරවැසියන් නොවන මගීන් 200ක් යළි දකුණු කොරියාවේ සෝල් අගනුවර වෙත හරවා යනා තිබේ. එහි සිටි ඊශ්‍රායල් ජාතිකයන් 12 දෙනා නිරෝධායනයට ලක්කළ බවයි, මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on ඉරිදා, 23 පෙබරවාරි 2020 13:13

    Latest News