දකුණු කොරියාවේ 'කොවිඩ් 19' සීග්‍ර ව්‍යාප්තියක්

පෙබ 23, 2020

    කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාව තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තම රටෙන් හමු වූ නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් ගණන එක් දිනකදී දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව දකුණු කොරියාව පවසයි.

    සිකුරාදා සිට ඊයේ දක්වා එම වෛරසය ආසාදන වු පුද්ගලයින් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට බලධාරීන් ඊයේ ප්‍රකාශ කළේ සිකුරාදා සිට 229 දෙනෙකුට වෛරසය ආසාදනය වී බවයි.

    අද වන විට තවත් 123 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව දකුණු කොරියාවෙන් හමු වූ මුළු ආසාදිතයින් ගණන 556ක්.දකුණු කොරියානු අගමැතිවරයා පවසන්නේ මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් බවයි.

    වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණු පුද්ගලයින් බහුතරයක් එරට ගිනිකොනදිග තේගු නගරය අසල රෝහලක් සහ ආගමික කණ්ඩායමකට අයත් පුද්ගලයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව චීනයෙන් පසුව වෛරසය ආසාදිතයින් වැඩිම ගණනක් හමු වූ රට බවට දකුණු කොරියාව පත්ව ඇත.

    Last modified on ඉරිදා, 23 පෙබරවාරි 2020 10:38

    Latest News