ජර්මනියේ වෙඩි තැබීමකින් 8ක් මරුට

පෙබ 20, 2020

    ජර්මනියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 8 දෙනෙක් මියගොස් තිබේ. බටහිර ජර්මනියේ හැනාවූ නගරයේ දී වෙඩි තැබීම සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.

    වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. වෙඩිත තැබීම සිදුකළ පුද්ගලයින් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා ප්‍රදේශ පොලීසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. හැනාවූ නගර මධ්‍යයේ පිහිටි මත්පැන් අලෙවිසැල් තුළ පළමු වෙඩි තැබීම සිදුව ඇති අතර, නගරාසන්නයේ ඇති කෙසෙල්ස්ටැඩ් ප්‍රදේශයේ දෙවැනි වෙඩි තැබීම වාර්තා වෙයි.

    පොලිස් නිලධාරීන් සහ හෙලිකොප්ටර් යානා ප්‍රදේශය පුරා මුර සංචාර ආරම්භ කර ඇත්තේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් සෙවීමටයි. ප්‍රහාරයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැති බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2020 12:36

    Latest News