හැරී සහ මේගන් රාජකීය අවසන් පොදු කටයුත්තකට සුදානම්

පෙබ 20, 2020

    බ්‍රිතාන්‍ය හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගයන් මේ මස අවසානයේ සිට මාර්තු අග දක්වා සිය රාජකීය දිවියේ අවසන් පොදු කටයුතු සඳහා සහභාගී වීමට නියමිතයි.

    හැරී - මේගන් යුවල සිය රාජකීය නාමයන් ඉවත් කර ගන්නා බවට පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනූව, එළඹෙන අප්‍රේල් පළමුවැනිදා දින සිට ඔවුන් නිල වශයෙන් රාජකීය පවුලේ සාමාජිකයන් නොවනු ඇති. මේ සම්බන්ධයෙන් රාජකීය පවුල සහ හැරී - මේගන් යුවල අතර සාකච්ජා ද පැවැත්වේ. මේ කෙරෙහි ලොව පුරා බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් යොමු වූ අතර, ඇතැම් පිරිස් මේගන් මාර්කල් වෙත චෝදනා කළේ රජය පවුල වෙන් කිරීමට කටයුතු කරන බවටයි.

    රජ පවුලෙන් වෙන් වීම පිළිබඳව හැරී කුමාරු ද සිය ශෝකය පළකර ඇතත්, බිරිඳ ස්වකීය අනාගතය වෙනුවෙන් සිදු කරන සැලසුම් සඳහා අදාළ තීරණය ගැනීමට සිදුවූ බව ප්‍රකාශ කර තිබේ. බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ උතුරු අමෙරිකාවේ මේගන් මාර්කල් යුවල සිය පුතු සමග ඉදිරියේ දී සාමාන්‍ය දිවි පෙවතක් ගත කිරීමට සැලසුම් කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2020 10:13

    Latest News