චීනයේ වැඩිම මරණ සංඛ්‍යාවක් ඉරිදා

පෙබ 04, 2020

    මේ වන විටත් වූහාන් නගරය දැඩි පරීක්ෂණවලට භාජනය කෙරෙන අතර එම නගරයට අමතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල යැවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

    මේ අතර, ආබාධිත දරුවෙකුගේ පියා නිරෝධායනයට ලක් කර සිටියදී එම දරුවා නිසි සත්කාර නොලැබීමෙන් මියගොස් තිබේ. ඉන් අනතුරුව එම නගරයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට චීන රජය පියවර ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෛරසය වාර්තා වූ දින සිට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ දිනය ලෙස ලෙස පසුගිය ඉරිදා දිනය සඳහන් වෙයි. එම දිනයේ පමණක් මියගිය සංඛ්‍යාව 57ක්. ඉදිරියේ දී දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව වැඩි වීමේ අවදානමක් ඇති බවයි බලධාරීන් පවසන්නේ. චීනයේ බොහෝ නගරවල නිවාඩු කාලය දීර්ඝ කර ඇති අතර, පාසල් බොහොමයක් තවමත් වසා දමා තිබේ.

    Latest News