රට බරපතල තත්ත්වයක - චීනය කියයි

ජන 26, 2020

    නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග සිය රට බරපතල තත්වයකට මුහුන පා අති බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි.

    ඔහු මේ බව පැවසුවේ එරට රජයේ ඉහළ පෙලේ නිලධාරින් සමග පැවති සාකච්ඡා වලින් පසුවයි.

    මේ අතර, නව කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 56 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    වෛරසයට ගොදුරු වී සිටින පුද්ගලයින් ගණන 1,900කට අධිකයි.

    මේ අතර වුහාන් ප‍්‍රාන්තය තුළ අද සිට පෞද්ගලික රථ වාහන ධාවනය ද තහනම් කර තිබෙනවා.

    මීට පෙර එහි පොදු ප‍්‍රවාහන සේවා පමණයි තහනම් කර තිබුණේ.

    පවතින තත්ත්වයත් සමග මේ වනවිට චීනයේ නගර 18 ක් පමණ සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.

    ඒවා තුළ සිරවී සිටින පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 56 ක් පමණ වනවා.

    මේ අතර වුහාන් සහ හුබේ නගරවල සිරවී සිටින සිය වැසියන් මුදාගැනීමට අමෙරිකව සුදානම් බවයි වාර්තා වන්නේ.

    ඒ සඳහා චීන බලධාරින් සමග පැවති සාකච්ඡා වට කිහිපයක්ම සාර්ථක වී ඇති බවද සඳහන්.

    මේ අතර වුහාන් නගරය තුළ සිටින සිය රටවැසියන් මුදා ගැනීමට බි‍්‍රතානය ද සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

    Latest News