ගෝතමාලාවේ සර්කස් සංදර්ශනයට යොදාගත් සතුන් 17කට නිදහස

ජන 22, 2020

    ගෝතමාලාවේ සර්කස් සංදර්ශන සඳහා යොදාගත් සතුන් 17 දෙනෙකු නිදහස් කිරීමට සත්ව සංරක්ෂණ හා ආරක්ෂණ කණ්ඩායම් සමත්වී තිබේ. මෙම සතුන් වසර ගණනාවක් දැඩි හිංසාවන්ට මුහුණ දී ඇති බව බලධාරීන් පෙන්වා දෙයි.

    ඒ.ඩී.අයි. ලෙස කෙටි ව්‍යවහාරයෙන් හඳුන්වන සත්ව සංරක්ෂණ හා ආරක්ෂණ කණ්ඩායම විසින් සත්ව හිංසාව පිටු දැකීමේ පියවරක් ලෙස මෙම මෙහෙයුම් ආරම්භ කරනු ලැබ තිබේ.

    බිලාල ගහනයට අයත් සතුන් වන කොටියා, සිංහයා,වියාඝ්‍රයා වැනි සතුන් සර්කස් සංදර්ශන ආයතන මගින් නිදහස් කරගෙන ඇති බව, නිලධාරීන් පවසයි. ඇතැම් සතුන් කුකුළු මස්වලින් පමණක් පෝෂණයවීම හා විවිධ ශාරිරික අඩත්තෙට්ටම් නිසා බොහෝ සෙයින් දුර්වලවී තිබේ. සතුන් අභය භූමිය සඳහා ගෙනයන තෙක් සත්ව ආරක්ෂණ මධ්‍යස්ථානයේ රැක බලා ගන්නා බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

     

     

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 11:36

    Latest News