ග්වාතමාලාවට නව ජනාධිපතිවරයෙක්

අගෝ 12, 2019

    ඇලේජැන්ඩ්‍රෝ ජියමට්ටෙයි ග්වාතමාලා නව ජනාධිපති ලෙස තේරී පත්ව තිබේ.

    ඔහු ලබා ඇති සමස්ත ඡන්ද ප්‍රමාණය, සියයට 59ක්. ග්වාතමාලා කන්සර්වේටිව් පක්ෂයෙන් ඔහු මෙවර මැතිවරණයට පෙනී සිටියේය. ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදියා වූයේ, හිටපු ජනාධිපති ආර්යාවක වන සැන්ඩ්‍රා ටෝරස්. ඇය හිමි කරගෙන ඇති ඡන්ද ප්‍රමාණය 41%ක්.

    ඇලේජැන්ඩ්‍රෝ ජියමට්ටෙ ග්වාතමාලාවේ හිටපු බන්ධනාගාර ප්‍රධානියායි. ඔහු මෙවර ජනාධිපති ධුරය සඳහා උත්සාහ දැරුවේ, සිව්වැනි වතාවටයි. කෙසේ වෙතත්, එරට පවතින විරැකියාව, අධික ජීවන විදයම් සහ දූෂණ වංචා සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමට, අභිනව ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, ඔහුට සිදුවනු ඇති. එසේම, වොෂිංටනය සමඟ ඇති කරගෙන ඇති සංක්‍රමණික විරෝධී ගිවිසුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ද නව ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ග්වාතමාලා ජනාධිපති ධුරය එක් පුද්ගලයෙකුට එක්වරක් පමණක් දැරිය හැකි වන අතර, අදාළ පුද්ගලයාට හිමිවන ධුර කාලය වසර 4ක්.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 12:20

    Latest News