තෙල් අපනයන අරඔන ලෙස ලිබියාවට අමෙරිකාවෙන් දැනුම් දීමක්

ජන 22, 2020

    තෙල් අපනයන ඉක්මනින් ආරම්භ කරන්නැයි අමෙරිකාව ලිබියාවට දැනුම් දේ.

    ලිබියාවේ හමුදා පාලක කලීෆා හෆ්තාර්ට සහාය දක්වන කණ්ඩායම් පසුගිය සතියේදී තෙල් සැපයුම් මාර්ග අවහිර කළේය.

    “ජාතික තෙල් සංස්ථාවේ කටයුතු කඩිනමින් නැවත ආරම්භ කළ යුතු” යැයි ලිබියාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණ.

    තෙල් අපනයනය ලිබියාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන අතර වරාය අවහිර කිරීමෙන් ආදායම් මාර්ග වලට ද ප්‍රබල පහරක් එල්ල වී ඇත.

    ආණ්ඩුවේ සහාය ලිබියාවට හමුදා යැවීමට තුර්කිය ගත් තීරණයට විරෝධය පළ කිරීමක් ලෙස හෆ්තාර්ගේ හමුදා බළඇණි  වරාය අවහිර කළේය.

    එම බාධා කිරීමේ හේතුවෙන් දෛනික තෙල් බැරැල් නිමැවුම මිලියන 1.3 සිට 500,000ක් අඩුවනු ඇති බවටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක පමණ පාඩුවක් සිදුවනු ඇති බවටත් ලිබියාවේ ජාතික තෙල් සංස්ථාව අනතුරු ඇඟවීය.

    උතුරු අප්‍රිකාවේ පිහිටි රටක් වන ලිබියාව තෙල් සම්පතින් පොහොසත්ය.

    නෙටෝ හමුදාවල සහාය ඇතිව 2011 වසරේදී ඇති වූ කැරැල්ලෙන් මුවම්මර් ගඩාෆි ඝාතනයට ලක්වූ අතර එතැන් පටන් ප්‍රතිවිරුද්ධ කල්ලි කණ්ඩායම් හා පාර්ශව අතරේ ගැටුම් පවතී.

    Latest News