චීන ආර්ථිකයේ අපේක්ෂිත වර්ධනය ඉහළට

ජන 22, 2020

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 වසරේ චීන ආර්ථිකයේ අපේක්ෂිත වර්ධනය ඉහළ නංවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (20) නිකුත් කළ නවතම“ ලෝක ආර්ථික අපේක්ෂාව ”වාර්තාවෙන් මේ වසරේ චීන ආර්ථිකයේ අපේක්ෂිත වර්ධනය පසුගිය ඔක්තෝබර් මාසයේ තිබූ 5.8% සිට 6% දක්වා ඉහළ නංවා තිබේ.

    2021 වසරේ එම වර්ධනය 5.8% වනු ඇතැයි එම වාර්තාව සඳහන් කරයි. චීන ආර්ථිකයේ ව්‍යූහාත්මක පරිනාමය සලකා ලබන වසරේ චීන ආර්ථිකයේ අපේක්ෂිත වර්ධනය පහත දමා තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමුඛ ආර්ථික වි‍ද්‍යාඥ Gita Gopinath මහතා පවසයි.

    එමෙන් ම 2020 වසරේ සහ 2021 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය වෙන් වෙන් ව 3.3% සහ 3.4% වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර තිබේ.

    එය පසුගිය ඔක්තෝබර් මාසයේ ඇස්තමේන්තු කළ වර්ධන වේගයට වඩා 0.1% සහ 0.2%කින් පහළ ගොස් තිබේ.

    Latest News