'ෂීනා'ට පැටවුන් තිදෙනෙක්

නොවැ 19, 2020

    රිදීගම සෆාරි උද්‍යානයේ වාසය කරන ෂීනා නමැති සිංහ දේනුව,පසුගියදා පැටවුන් තිදෙනෙක් බිහි කර තිබේ.

    වයසර අවුරුදු 9ක් පමණ වන මෙම ෂීනා නමැති සිංහ දේනුවයි, පැටවුන් තිදෙනා බිහි කර ඇත්තේ. මේ වන විට අවස්ථා 4ක දී සිංහ දේනුවන් දෙදෙනෙක් විසින් පැටවුන් බිහි කරනු ලැබීය.

    ෂීනා නමැති සිංහ දේනුව 2017 වර්ෂයේ දී පැටවුන් සිව් දෙනෙක් හා සහරා නමැති සිංහ දේනුව 2016 වසරේ දී පැටවුන් දෙදෙනෙක් බිහි කළේය. නමුත් සහරා සිංහ දේනුව පැටවුන්ට කිරි නොදීම හේතුවෙන් ඔවුන් මිය ගියේය. 2018 වසරේ දී නැවතත් සිංහ නමැති සිංහ දේනුව පැටවුන් දෙදෙනෙක් බිහි කළේය.

    එක් පැටයෙක් මියගොස් තිබේ. ෂීනා නමැති සිංහ දේනුව වයස අවුරුදු 2 දී පමණ ජර්මනියේ සිට රැගෙන ආ අතර, මෙම සත්වයා දෙහිවල සත්වෝද්‍යානයේ සිව් වසරක් පමණ වාසය කළේය.

    Latest News