බීබීසීයට එරෙහිව නඩු කියූ සමීරා අහ්මද්ට ජය

ජන 11, 2020

    BBC ආයතනයේ සේවය කළ සමීරා අහ්මද් අඩු වැටුපකට තමන්ගෙන් වැඩගත් බවට චෝදනා නගමින් BBCයට එරෙහිව පැවරූ නඩුවෙන් ජයග්‍රහණය ලැබුවාය.

    ඇයගේ චෝදනාව තමන් කාන්තාවක වීම නිසා BBC ආයතන තමන්ට අඩු වැටුපකට වැඩගත් බවයි.

    කම්කරු ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අතිශය වැදගත් සහ ඓතිහාසික නඩු තීන්දුවක් මෙහිදී ලබා දී තිබේ. හාම්පුතුන් විසින් එකම රාජකාරිය කරන කාන්තාවකට සහ පිරිමියෙකුට කොතරම් වෙනස් ලෙස සලකන්නේදැයි එහි දී හෙළි වූ වැදගත් කරුණු අතර වේ.

    ලන්ඩන් මධ්‍යම රැකියා විනිශ්චය සභාවේදී (London Central Employment Tribunal) මෙම නඩුව විභාගයට ගනු ලැබිණි. සමීරා අහ්මද් මහත්මිය එහිදී සිය වෘත්තීය ජීවිතයේ සිදුවූ අසාධාරණය පිළිබඳව කරුණු කියා පෑවාය.

    Newswatch වැඩසටහන සමීරා අහමද් BBCය වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩසටහනයි. එහිදී එක් වැඩසටහනක් වෙනුවෙන් ඇයට ගෙවනු ලැබුවේ පවුම් 440 කි. මේ අතර, BBC පුවත් සේවයේම Points of View වැඩසටහන ඉදිරිපත් කළ ජෙරමි වයින් (Jeremy Vine) හට එක් වැඩසටහනක් වෙනුවෙන් පවුම් 3,000 ක් ගෙවනු ලැබිණි. එයට හේතුව, ජෙරමි වයින් පිරිමියෙක් වීම සහ තමන් ගැහැණියක වීමද? සමීරා අහමද් අධිකරණයේදී විමසා සිටියාය.

    මේ වැඩසටහන් දෙකම එක හා සමාන ගුවන් කාලයකින් යුක්ත, එනම් විනාඩි 15 කින් යුක්ත කෙටි රූපවාහිනී වැඩසටහන් ය. සමීරා කියා සිටියේ මේ වැටුප් වෙනස, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත වෙනස්කොට සැලකීම්වලට ලක්කිරීම සම්බන්ධයෙන් උදාහරණයක් වන බවයි.

    BBC පුවත් සේවය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. මේ ලෝ ප්‍රකට මාධ්‍ය ආයතනය කියා සිටියේ නිව්ස්වොච් වැඩසටහන සඳහා අඩු ප්‍රේක්ෂකාගාරයක් සිටින බවත්, පොයින්ට්ස් ඔෆ් වීව් වැඩසටහන සඳහා වෙනස් ආරක නිවේදකයෙකු අවශ්‍ය කරන බවත් ය. ඒ නිසා ජෙරමිට ඇයට ගෙවන ප්‍රමාණය මෙන් හය ගුණයකටත් වඩා ගෙවීම සාධාරණ බව යි.

    පිටු 40කින් යුක්ත නඩු තීන්දුවෙන් අවසානයේ කියැවුණේ BBC ආයතනය මෙම වැඩසටහන් දෙක අතර වෙනස මගින් වැඩසටහන් ඉදිරිපත් කරන්නාට වඩා අඩුවෙන් වැඩසටහන් ඉදිරිපත් කරන්නියට වැටුප් ගෙවීම සාධාරණීකරණය කරන්නට අසමත් වී ඇති බව ය.

    මෙම අතිශය වැදගත් සහ ඓතිහාසික නඩුවේ දී සමීරා අහමද් කියා සිටියේ ඇයට පවුම් 700,000ක පමණ මුදලක් අයිති විය යුතු බවයි.

    Latest News