මාලිගෙන් ස්ථාන 20ක පිම්මක්

සැප් 09, 2019

    20-20 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ලේඛනයේ ස්ථාන 20ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමත්ව තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම ශ්‍රේණිගත කිරීම් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබිණ.

    ලසිත් මාලිංග මෙලෙස ඉදිරියට පැමිණ ඇත්තේ, නවසීලන්තයට එරෙහිව පැවැති තුන්වැනි 20-20 තරගයේ දැක්වූ දක‍ෂතා හේතුවෙන්.  ඔහු එහිදී, පිට පිට පන්දු 04කදී කඩුලු 04ක් දවාගත් අතර තවත් වාර්තා කිහිපයක් බිඳ හෙළිමට සමත් විය. ඒ අනුව මේවන විට ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ මාලිංග පසුවනුයේ 21වැනි ස්ථානයේයි.

     

     

    Last modified on සදුදා, 09 සැප්තැම්බර් 2019 08:54

    Latest News