තරග පාවාදීමේ පරීක්‍ෂණවලට ක්‍රීඩකයින්ගේ සහය

නොවැ 02, 2018

    තරග පාවාදීමේ චෝදනා සම්බන්ධ, පරීක්‍ෂණ විධිමත් කරන ලෙස, ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තමාගෙන් ඉල්ලා සිටි බව, අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. අද සවස මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ජාවකදී ඒ ගැන අදහස් පළ කළ අමාත්‍යවරයා...

    “අයි.සී.සී එක ක්‍රීඩාව පාවාදීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ දූෂණ විමර්ශන ඒකකය ගන්නා ක්‍රියාදාමය තමයි කිසිම නමක් හෙළිදරව් කරන්නේ නෑ, ඒගොල්ලන් චූදිතයෙක් ලෙස නම් කරන කම්. හැබැයි අවාසනාවට වගේ අපේ මාධ්‍ය තුළ නොයෙක් අයගේ නම් විශේෂයෙන් අන්තර් ජාලය තුළ නම් කරලා තියෙනවා.

    එය අපේ ක්‍රීඩකයන්ගේ ආත්ම ගෞරුත්වයට, ආත්ම ශක්තියට ලොකු පහරක්. ඒ නිසා අයි.සි.සි.ය නම් කරන චූදිතයන් හැර, වෙන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන එවැනි ප්‍රකාශනයක් නිකුත් කිරිමෙන් වළකින්න හේතුව අයි.සි.සි. එක කරන විමර්ශනය කරන්නේ රහසිගතවයි. ඒ නිසා අපි සියලු දෙනාම ඒ අයගේ ආත්ම ගරුත්වය රකින්න අපි කටයුතු කරන්න ඕනෙ කියන එක තමයි මගේ විශ්වාසය“

     

     

     

    Last modified on සිකුරාදා, 02 නොවැම්බර් 2018 20:38

    Latest News