බංග්ලාදේශ පිලට ලකුණු 08ක ජයක්

නොවැ 01, 2018

    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 08කින් ජය ගැනීමට බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම සමත්වුණා.

    තරගය අද පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 09කට ලකුණු 192ක් රැස් කළා.

    වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දුවාර 20යි පන්දු 04ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 101ක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 නොවැම්බර් 2018 19:57

    Latest News