අද තරගයටත් වැස්ස හරස් වෙලා !

ඔක් 17, 2018

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වැනි තරගයටත් වර්ෂාව හරස් වී තිබේ.

    මෙම තරගය අද පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද සිරිපොද වැස්ස නිසා සම්පූර්ණ ක්‍රීඩාංගණයම තණතීරු ආවරණ යොදා වසා දමා තිබේ.

    කාසියේ වාසිය උරගා බැලීමේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැත.

    දඹුල්ලේදී පැවැති පළමු එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දැමුණු අතර දෙවැනි තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත එංගලන්ත පිල ලකුණු 31 ක ජයක් අත්කරගත්තේය.

    Latest News