නායකත්ව ඉනිමෙන් එංගලන්තයට ජය

නොවැ 01, 2022

    ICC T20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත,නවසීලන්ත  තරගයෙන් ලකුණු 20ක ජයක් ලබාගන්නට එංගලන්තය සමත් වුනා.

    බ්‍රිස්බෙන් හි වූලූන්ගැබා පිටියේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 6කට ලකුණු 179යි. නායක ජොස් බට්ලර් ලකුණු 73 සහ ඇලෙක්ස් හේල්ස් ලකුණු 52ක් ලබා ගත්තා.

    180ක යෝධ ඉලක්කයට පිළිතරු ලෙස නවසීලන්තය පනදුවාර 20 අවසනදී කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.ගලේන් පිලිප්ස් ලකුණූ 62ක් සහ කේන් විලියම්සන් ලකුණු 40ක් ලබා ගත්තා. මෙම ජයග්‍රහණයත් සමග පළමු කාණ්ඩයේ 2වන ස්ථානය තහවුරු කර ගන්නට එංගලන්තය සමත් වුනේ දළ ලකුණූ 0.547 ක් සමගින්. තරගයේ වීරයා ජොස් බට්ලර්.

    දළ ලකුණූ -0.457ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව 4වන ස්ථානයේ රුඳී සිටිනවා.

    Last modified on අඟහරුවාදා, 01 නොවැම්බර් 2022 17:36

    Latest News