චමරිගෙන් ශතකයක්...

මැයි 05, 2022

    ඩුබායි හි පැවැත්වෙන "ෆයර්බ්‍රේක්" ජාත්‍යන්තර කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට ෆොල්කන් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකා, චමරි අතපත්තු සමත්වුණා.

    ඒ, වොරියස් කණ්ඩායම සමග පැවති තරගයේදී. මුලින් පන්දුවට පහරදුන් වොරියස් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුලත කඩුලු 02ක් දැවී ලකුණු 177ක් රැස් කළා. ජෝජියා රෙඩ්මේනි නොදැවී ලකුණු 80යි. ජයග්‍රහණය සඳහා ලකුණු 178ක ඉලක්කයක් හඹාගිය ෆෙල්කන් කණ්ඩායම, පන්දුවාර 18යි, පන්දු 4ක් අවසානයේ තරගයෙ ජය හිමිකරගත්තා.

    ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ චමරි අතපත්තු පන්දු 55ක දී නොදැවී ලකුණු 107ක් රැස්කළා. ඊට 6පහර 5ක් සහ 4පහර 13ක් ඇතුලත්. ඒ අනුව, ෆෙල්කන් කණ්ඩායමට තරගයෙන් කඩලුු 8ක ජයක් හිමිවුණා.

    Latest News