චමරි බේ

නොවැ 26, 2023

    මේ දිනවල ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් තරඟාවලියේ Sydney Thunder කණ්ඩායමට ක්‍රීඩා කරන චමරිගේ දස්කම් වෙනුවෙන් ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙතින් චමරිට අපූරු තෑග්ගක් ලබා දුන්නා.



    අද ප.ව 1.40 ට සිඩ්නි ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ Sydney Thunder සහ Sydney Sixes අතර පැවැත්වෙන තරඟයේදී චමරි අතපත්තු වෙනුවෙන් Chamari Bay නමින් වෙනම ආසන කලාපයක් නම් කිරීමට Sydney Thunder ක්‍රීඩා සමාජය ක්‍රියා කොට තිබෙනවා.

    ඇය WBBL තරඟ වාරයේදී දැක්වූ ඉහළ දක්ෂතා මෙන්ම බහු සංස්කෘතික ක්‍රිකට් ප්‍රජාව වෙනුවෙන් සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම දක්වන කැපවීම මෙම නම් කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බව පැවසෙනවා.

    Chamari Bay ප්‍රේක්ෂකාගාරයේ සිට තම දස්කම් නැරඹීමට පැමිණි ශ්‍රී ලාංකිකයින්ට ස්තූති කරන්නටත් චමරි අමතක කළේ නැහැ.

    කෙසේ වෙතත් මෙම තරගයේ දී චමරිට වැඩි දස්කම් දක්වන්නට නම් හැකියාවක් ලැබුණේ නැහැ. පිත්තෙන් ලකුණු 26 ක් සහ පන්දු යැවීමෙන් පන්දු වාර 2 කදී ලකුණු 12 කට කිසිදු කඩුල්ලක් නොලබා ඇයට අද තරගය නිමා කිරීමට සිදු වුනා.

    කාසියේ වාසිය - සිඩ්නි තන්ඩර්ස් දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නා

    සිඩ්නි තන්ඩර්ස් - 123 19.5 Ov (RR: 6.20)
    සිඩ්නි සික්සස් - 126/1 17.3 Ov (RR: 7.20)

    ඒ අනුව තරගයෙන් කඩුලු 9 ක ජයක් සිඩ්නි සික්සස් කණ්ඩායමට හිමි වුනා.

    Latest News